Wednesday, November 2, 2011

කාර් එකට අලුත් වෙනසක්....


ඔව් යාළුවනේ අද මම ඔයාලට කියන්න හදන්නෙ ටිකක් අමුතු කතාවක්. සමහර අයනම් මේ ගැන දැකලා කියවලා අහලා ඇති.නොදන්න අයට තමා මේ කියන්න හදන්නේ.
ඇත්තටම ඉතින් අපෙ කාගෙත් හිතේ තියනවනෙ ඉතින් හීනයක් හොද ජොබක් කරලා ලස්සන කාර් එකක් අරන් ලස්සන කෙලි පොඩ්ඩක් එහෙම එහා පැත්තෙ වාඩි කරගෙන යන්න.බොරු කියන්න ඔන නෑ ඔන්න මටනම් එහෙම හීනයක් තියනවා

ඉතින් ලOකාවෙ අපිටනම් ඉතින් ලස්සන / sporty කාර් කිව්වොත් ඉතින් හිතට එන්නෙ බොහොම සීමා සහිත එකම රාමුවකට කොටු උන වාහන මොඩල කීපයක්නෙ.අපෙ මිනිස්සු ඉතින් හිතන් ඉන්නේ Toyota ඇරෙන්න වෙන වාහන ලොකේ නෑ කියලනේ ( දැන නම් හැබැයි අලුත් පරපුරේ අය ඒ සීමා මායීම් පහු කරන් නව ආරයකට යන පාටක් පෙන්න තියනවා )හරි හරි ඒ බන ඕන නෑ කියන්න ආපු කාරනව කියන්නම්කො.

අද ඉතින් නිවඩුවක් එහෙම දාල ගෙදර උන්නෙ පොතේ පතේ වැඩක් කරන්න කියලා.මොන... පිච්චර් බැලුව එක විතරයි කොරේ..ඔන්න ඉතින් මම ජන්ජාලෙ සර්ච් එකක් දාල බලුවා මොනවද දැනට මෙහ් තියන ෆට්ටම කාර් කියලා.අනිච්චේ දුක්කේ..මුලු ලOකවටම තියෙන්නෙ අරවිනද ද සිල්වා මහතාගේ Ferrari  එක විතරයි.( තව ඉතින් ඔය අලුත් අලුත් කාර් තියනව ඒව ඉතින් සුපිරිම එවා නෙවේයි නෙ)කල්පනා කරල බලද්දි ඉතින් ඒකෙ ඇති වරදකුත් නෑ. මේ ගහන Tax වල හැටියට මොන යකාටද පුලුවන් වාහනයක් ගේන්න.. හතර මහ නිධානෙ පහල උනට්ත් මදි වේයි මගෙ හිතේ. හරි හරි.. දැන් ඉතින් ජන්ජාලෙ පීර පිර ඉන්නකොට හම්බුනානේ මාර බාන්ඩයක්.මැක්ස කියන්නෙ උපරිමයි...
ඉතින් දැන් මට තියන ලොකුම හීනේ තමයි ඔය පල්ලෙහයින් දාලා තියනවා වගේ ලෝකෙ තියන සුපිරිම වහනයකට හිමි කම් කියන්න

                                                                  Toyota MK 2 1994  

                                                               Peugeot 406 coupe 1999

හෙහ්..හෙහ් දැන් කට්ටිය හිතනව ඇති නෙ මුගේ මොල් කරවෙලාද මෙ හුචක්කු කාර් දෙකකට ලොකෙ තියන සුපිරිම එව්වා කියන්නෙ කියලා.. හරි හරි බොලව් ඔහොම කර් එකක් ගත්තට ඕක පවිච්චි කරන්නෙ මෙන්න මෙහෙම හදලා..බලන්නකො ෆොටො ටික

                                          මෙන්න මේ කාර් එක..... Peugeot 406 coupe 1999
                                                   මෙන්න මේ විදිහට වෙනස් කොරලා...

                                                                   ************
                                                                 **************
                             අන්තිමේට මෙන්න මෙ විදිහට හදලා ගන්නවාලු... Ferrari F430  

එතකොට මෙන්න මේ අනික් කාර් එක Toyota MK 2

මෙන්න මෙහෙම මස් කරලා...
අලුත්ම ඩෑශ් බෝඩ් එකක් එහෙම තියලා...
මෙන්න මේ  Lamborghini Murcielago  හදනවලු..
කහ පාට real එක..අනික replace කරපු එක
                                                      වෙනසක් හොයන්න බෑ නේ...?????

කොහොමද වැඩේ..?? පට්ටයි නෙ..?? මම නම් හිතන්නේ මේ කරන්නෙ හොදම හොද සමාජ සෙවයක් කියලා.. හෙහ් හෙහ්.. අර මුලින් පෙන්නල තිබ්බ වාහන දෙකෙන් අර වගේ ලෝකේ මිලින් අධිකම සුපිරිම වාහන දෙකක් මවනවා කියන්නේ.අනික Lamborghini Murcielago එකක සාමාන්‍ය මිල $450,000 හා Ferrari f430ක මිල $ 300,000 වගේ වෙනවා.එත් ඉතින් අර විදිහට හදලා ගන්නවනම් $ 45,000 කින් වගේ ශේප් කරගන්න පුලුවන්..හෙහ් හෙහ් මාරයි නේ පිස්සු බම්ප් වෙනවා වගෙ. අනික ඉතින් කාටවත් පිටින් බැලුවට හොයාගන්න බෑ නොවැ.. එන්ජිම ම බලන්න ඕන

එහෙනම් ඉතින් එච්චර තමයි කියන්න තියෙන්නේ..අනේ ඉතින් සල්ලිකාර පින්වතෙක් මේකක් ගෙන්න එහෙම හිතනවනම් මටත් කියන්න ඕ...න් හරිද..මම ඉතින් බලලා යන්න හරි එන්නම්. (දුරින් සිට ඔබ දෙස බලන්නම්)වගේ තමා ඉතින් අපිට..

අහ් තවත් එකක්..අර මුලින් මම කිව්වා නේද ලස්සන කාර් එකක් අරන් ලස්සන කෙලි පොඩ්ඩක් එහෙම එහා පැත්තෙ වාඩි කරගෙන කියලා..ඒ මම කිව්වේ මෙන්න මෙ වගේ කෙලි පොඩ්ඩන්ට හරිය.. (පොඩ් නම් නෑ නේ) දුක කියන්නේ ඉතින් මෙ වගෙ කර් එකක තියෙන්නෙ සීට් 2යි නේ.කොහොමත් 2ට වඩානම් දාන්න බැරිවෙයි මෙතන 3ක් හිට්යට.අව්ලක් නෑ මම මේ කාර් එක ගන්නකොට කියලා තව සීට් පේලියක් ගහගන්නවා. ඇයි යකො මෙච්චර දෙයක් කරන වාහනෙට තව සීට් පෙලියක් ගහන්න බැරි.. එතකොට තුන් දෙනම දාගන්න පුලුවන් නේ..හෙහ් හෙහ් කොහොමද මගෙ ටිකිරි මොලෙ

                                                          අපට කොහෙන්ඩ බූල් බල්ලෝ....


 source - :)