Sunday, October 30, 2011

වෙලාව රාත්‍රී 10.15...




අත්තටම කිව්වොත් සීන් එක මෙහෙමයි.මමත් දැන් හෙන කල් ඉදන් බ්ලොග් කියවනවා.එත් බ්ලොග් එකක් ලියන්න හිතුනෙ මේ දැන් මට. කියන්නෙ 2011.10.30 මහ රාත්රියේ නිදාගන්න කියලා දත කට මැදන් එන්න බාත් ර්Uම් ගිය වෙලාවෙ තමයි.සීතුවිල්ල ආපු වෙලාවනම් ටිකක් අප්සට් තමයි ඒත් වැඩේ හොදයි නෙ.ඔන්න ඉතින් හා හා පුරා කියලා නිදාගන්න වඩේ පැත්තක දාලා බ්ලොග් එකක් හදලා ආරම්භක ලිපියත් ටිකක් ලිව්ව.

හපොයි ලියන්න කියල ගත්තට වඩේ ටිකක් දෙල් වගේ. ඇයි යකො කවදාවත් සිOහලෙන් කොටල නෑ නෙUCSC සිංග්ලිෂ් එසැනින් පරිවර්තක පින්සිදද වෙන්න ඔන්න කොටන්න පටන් ගත්තා. හපොයි දිව පැටලෙනව ටයිප් කරන්න ගියාම.(කවදා කාපු කේක් ) පැයක් විතර ගියා නොවැ මේ ටික කොටා ගන්න.

ඇත්තම කියනවනම් මම බ්ලොග් කියවන්නෙ 2008 විතර ඉදන් වෙන්න ඔන මගෙ හිතේ.මම එම ලිපි වලින් ගත් දැනුම සම්භාරය නම් කියලා නිම කරන්න බැ තරමට ප්රයොජනවත් උනා.හරි දැන් ඒක එහෙමයි කියමුකෝ.....    ඔය ඉතින් අපේ බ්ලොග් ලියන සහෝලට වගෙ මටත් ජන්ජාලේ පීරද්දී වැදගත් ලිපි එහම හම්බෙනවනේ.ඒත් ඉතින් මට එවා සහෝලත් එක්ක බෙදා හදා ගන්න විදිහක් නෑ.ඔන්න ඉතින් අදත් මට සෙට් උනා වගේ ලිපි 2 3ක් අපේ සිනිඩියේ දැක්කේ නැති. ගැන හිතන කොට තමයි බ්ලොග් එකේ අගේ තේරුනේ (පරක්කු වෙලා හරි තේරුන එක ලොකු දෙයක් නෙ )


දැන් නම් ඇති වගේ..මම හිතනවා ඔයලා මට උදව් කරයි කියල මෙ අරම්භය සාර්ථක කරගන්න.. එහෙනම් බලාපොරොත්තුවත් හිතේ තියාගෙන සිත පිරි කදුලින් නෙත පිරි ශෝකෙන් මගේ පලමු ලිපිය මෙසේ අවසන් කරනවා.. ඔබ සැමට තෙරුවන් සරණයි..!!

කිරි හොදා ජය වෙවා....

2 comments:

  1. මෙතන ලියල තියෙන්නේ මම කියලා මට හිතෙන්වා... මේ හොද වැඩේ දිගටම කරන්න.. මමත් එනවා මේ පැත්තේ සහෝ..

    ReplyDelete
  2. @ සඳූන් උදයංග - අනිවා අනිවා ඉක්මනට මෙ පැත්තට එන්න අපිත් දෙන්නම් ෆුල් සප් එක

    ReplyDelete